The e- local Government system which will enable the public to make all payments for services to local Authorities by means of electronic payments, cards and the   Internet will be launched on 29th January 2018 at 9.30 am by His Excellency the President Maithreepala Sirisena and with the participation of Hon Prime Minister Ranil Wickremasinghe at the Lotus Hall of the Bandaranaike Memorial Conference Hall (BMICH).

Based on a concept of Hon Faiszer Musthapha, the Ministry of Provincial Councils  together with the Digital Infrastructure Ministry have initiated this program which will serve to streamline the service delivery of all local Government Institutions while ensuring transparency and reducing the opportunities for irregularities and corruption when payments are made for obtaining licences and approvals and other services.

This system will be implemented in all Local Government Institutions Islandwide and as an initial step it will be implemented in 30 Institutions on 29th January 2018.

Minister of Provincial Councils & Local Government Hon. Faiszer Musthapha, Minister of Telecommunications & Digital Infrastructure Hon Harin Fernando, Secretary to the Ministry of Provincial Councils & Local Government Mr. Kamal Pathmasiri and Secretary to the Ministry of Telecommunications & Digital Infrastructure Mr.Wasantha Deshapriya will be participating at this event.

2018 පළාත් පාලන මැතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට මරදාන බහු කොට්ඨාශය සඳහා තරඟ වදින හිටපු නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න  මහතාට සහාය පල කිරීමේ රැස්වීම් මාලාවක් ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ( 2018.01.11) පැවැත්විය. එහිදී මරදාන 36 වත්ත ජනතාව අමතා කථා කල  අමාත්‍යවරයා ජන්දය ළඟා වන විට ජන්ද දායකයන්ගේ වටිනා ජන්දය මුදලට ලබා ගැනීමේ අරමුණින් ජනතාව හට ගෑස් ලිප්,පොත්පත්,ක්‍රිකට් පිති ,බෝල ලබා දෙන උදවිය දැන් කරලියට පැමිණ ඇති බවත් ඒ අය ලබා දෙන සියළු දේ හැකි තරම් ප්‍රමාණයක් ලබා ගන්නා ලෙසත් මෙය ජන්ද කාලයේදී පමණක් ඇති අවස්ථාවක් බවත් පැවසීය.
එසේ  කියමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජන්දයෙන් පසුවත් පසුගිය අවුරුදු ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ජනතාවගේ දුකට,සැපට,මඟුලට,මළ ගෙදරට නිවෙස් අසල කාණු පද්ධතිය අවහිර වූ විට එය සකස් කිරීමට පවා උදවු කල හිටපු නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න මහතා තමන්ගේ කෙනෙක් ලෙස සිතා මෙවරත් ඔහුව කොළඹ මහ නගර සභාවට තෝරා පත් කර ගැනීමට ඔබගේ වටිනා ජන්දය බුලත් කොළයට ලබා දෙන ලෙසයි.
ජන්දය ලබා ගැනීමට මිනිසුන් හට මුදල් ලබා දීමට ඕනෑම කෙනෙකුට හැකි නමුත් මිනිසුන් වෙනුවෙන් කැප කිරිම්  කල, කැප කිරීම් කරන නායකයෙකු තෝරා පත් කර ගත යුතුයි.

සමහරුන් අද ආගම විකුණමින් දේශපාලනය කිරීමට  පුරුදු වී ඇති බවත් එහීදී මුස්ලිම් බෝඩ් ලෑලි පෙන්නා සිංහල ජන්දය ලබා ගැනීමටත් කටයුතු  කරන බවයි . නමුත් මැද කොළඹ ජනතාවට  සහෝදරයින් වන අතර මුස්ලිම්,දෙමළ,සිංහල කියා බෙදීමට  අවශ්‍යතාවයක්  නැති බවත් අපට අවශ්‍ය වන්නේ අවංකව ජනතාව වෙත වැඩ කරන ජනතා ප්‍රසාදයක් ඇති මිනිසුන් බවත් ඒ සදහා ප්‍රදේශයේ සුදුසුම නායකත්වය ලෙස සමන් අබේගුණරත්න මහතා පත් කර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන් මැද කොළඹ ආසනයට පැමිණියේ මැද කොළඹ  ජනතාව අතරමඟ හැර දමා යාමට නොවන බවත් පසුගිය කාලයේ එසේ පැමිණි සමහර නායකයින් ජනතාව හැර ගිය බවත් සමහරුන් ජනතාව විසින් එළවා දැමූ බවත්ය .

මම අද අමාත්‍යවරයෙක් වී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීති විද්‍යාලයට ගොස් හොඳින් ඉගෙන ගෙන අනතුරුව ජනාධිපති නීතිඥයෙකු වී මෙන් පසුව බව පැවසූ අමාත්‍යවරයා ඒ  ආකාරයෙන්ම මැද කොළඹ ජනතාව නිසි අධ්‍යාපනයක් තුලින් ඔවුන්ගේ සමාජ තත්වය ඉහළ දැමීම තමන්ගේ එකම අරමුණ බවත්ය.

පසුගිය වසර 50 ක කාලය තුල මැද කොළඹ දරුවන් හට සිදු වූ අයුරින් අධ්‍යාපනය අතර මගදි හැර දමා ත්‍රීවිල් රථ පැද වීමටත් පදික වේදිකාවේ වෙළඳාම් කිරීමටත් ඉඩ සැලසීමට ෆයිසර් මුස්තෆා සුදානම් නොවන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අද වන විට වැල්ලවත්ත,බම්බලපිටිය, කොල්ලුපිටිය , කුරුදුවත්ත ආදි ප්‍රදේශ වල මාලිඟා වැනි ගෙවල් ගොඩ නැගී ඇති බවත් මැද කොළඹ ජනතාව වතු වලට සීමා කිරීමට තමන් ලැහැස්ති නොවන බවත් ඒ සඳහා  අධ්‍යාපන මට්ටම ඉහළ නංවා උසස් රැකියා ලබා ගැනීමට  සලස්වා ඒ සඳහා අධ්‍යාපන මට්ටම ඉහළ නංවා උසස් රැකියා ලබා ගැනීමට සලස්වා ඒ සඳහා  මිනිසුන්ගේ ජීවන මට්ටම  ඉහළ දැමීමට අවශ්‍ය  වන අතර ඒ සඳහා ජනතාවක් වශයෙන් අපට ද යම් උදවුවක් ජනතාව විසින් කල යුතුව ඇති අතර ඒ සඳහා සමන් අබේගුණරත්න මහතා වැනි අය මෙවර පළාත්  පාලන මැතිවරණයේ දී  නගර සභාවට පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

පසුගිය අවුරුදු 50 ක කාලයකදී එක්සත් ජාතික පක්ෂය කලේ සීනිබෝල ලබා දෙමින් මැද කොළඹ ජනතාව රැවටූ එක පමණක් බවත් එසේ කිරීමට තමන් කටයුතු නොකරන බවත් මාගේ සිහිනය අධ්‍යාපනය තුළින් සමාජ ආර්ථීක  වෙනසක්  මැද කොළඹ ජනතාව හට ඇති කිරීම සඳහායි අමාත්‍යවරයා පැවසීය.

DSC 0064 DSC 0058 DSC 0088
DSC 0061 DSC 0077 DSC 0188

 

විදේශිකයන්ට පමණක් යනුවෙන් ලේබල් කරමින් දේශීය සංචාරකයින් අපහසුතාවයට පත්කරමින් පලාත් කිහිපයක හෝටල් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙලක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. දේශීය සංචාරකයින්ගේ ද වර්ධනයක් පෙන්නුම් කරන මෙවැනි කාලසීමාවක සංචාරක ප්‍රවර්ධනයට බාධා එල්ලකරමින්, සංචාරකයින්ගේ මානව අයිතිවාසිකම් ද උල්ලංඝණය කරමින් ක්‍රියාත්මක වන මෙම සිදුවීම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන්

ඊට අමාත්‍යංශ ලේකම් කමල් ටී. පත්මසිරි මහතා, සංචාරක අමාත්‍යංශ ලේකම් ඇසළ වීරකෝන්, දකුණු පළාත් පාලන කොමසාරිස්, පොලිස් මූලස්ථානය නියෝජනය කරමින් නියෝජ්‍ය පොලිස්පති - අපරාධ ඇතුළු පොලිස් නිලධාරින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම්, සංචාරක අමාත්‍යංශයේ ලේකම්, වැලිගම නගර සභාවේ ලේකම්, වැලිගම ප්‍රාෙද්ශිය සභාවේ ලේකම් සහ හබරාදූව ප්‍රාෙද්ශිය ලේකම්වරියන්  සහ හෝටල් හිමිකරුවන්ගේ සංගමය එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි. හැබැයි ලංකාවේ ඕනම බිම් අගලක හෝ වෙරළ තීරයේ ලාංකිකයකුට යෑමේ අයිතිය තිබිය යුතුයි. සමහර අය හිතනවා නම් ඒ අයට සංචාරක ව්‍යපෘති දියුණු කරන්න පුළුවන් කියලා ලාංකිකයන්ට ස්ථානවලට පැමිණිම සම්බන්ධයෙන් තහංචි දාන්නයි, ලාංකිකයන්ට ඒ ස්ථානවලට වෙනම මුදලක් අය කරන්න හදනවා නම් මං හිතන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. උණවටුන සහ මිරිස්ස යන ප්‍රෙද්ශවල ශ්‍රී ලාංකිකයන් සමහර ස්ථානවලට පැමිණෙන කොට නොයෙක් බාධක, තහංචි, පනවනවා. ඒ සම්බන්ධයෙන් අපි සංචාරක මණ්ඩලය, සංචාරක අමාත්‍යංශය, පොලිසිය, ඒ පළාත් පාලන ආයත.න දෙක වහාම කටයුතු කළ යුතුයි. මං සාචරක මණ්ඩලයෙන් ඉල්ලා හිටිනවා එවැනි ආයතන සංචාරක මණ්ඩලයේ අවසරයක් තියෙනවා නම් වහාම ඒ අවසරය නවත්වන්න.  සංචාරක මණ්ඩලයේ අනුමැතිය නැතුව පවත්නා විදේශිකයන්ට පමණයි කියන භෝජනශාලා සහ හොටෙල් වහාම ඒ සම්බන්ධයෙන් නඩු පවරන්න. ලාංකිකයෙක් හැටියට මට කැක්කුමක් තියෙනවා මේ විදේශිකයන්ට පමණයි කියන බෝඩ් එකක්.. අද අපි තාමත් යටත් විජිතවාදි රටක්ද කියන එක ඉස්මතු වෙනවා. අපේ රටේ ආත්මගරුත්වය පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. පළාත් පාලන කොමසාරිස්තුමා ඉන්නවා, පොලිසිය ඉන්නවා, හෙට පටන් දකුණු පළාතේ  විදේශිකයන්ට පමණක් තියෙන ආයතන තිවෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය තියෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය වහාම කැන්සල් කරන්න. ව්‍යාපාර ලියාපදිංචි කිරිමක් කරලා තියෙනවා නම් ඒ ලියාපදිංචි කිරිම වහාම අත්හිටුවන්න. ඒවගේම නඩු පවරන්න. අපි ලාංකිකයෝ හැටියට ලැජ්ජා වෙන්න ඕන අපේ රටේ මේක සිදුවෙන එක ගැන. නීති සහාය දෙන්නම්.. මම පෞද්ගලිකව වුණත් නීති සහාය දෙන්නම්. මෙවැනි තත්ත්වයක් උදාවීම රටට කරන අපහාසයක්.

වැලිගම නගර සභාවේ ලේකම්, වැලිගම ප්‍රාෙද්ශිය සභාවේ ලේකම් සහ හබරාදූව ප්‍රාෙද්ශිය ලේකම්වරියන් විසින් මෙහිදී අමාත්‍යතුමා වෙත මෙම සිදුවීම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. එහිදී ඔවුන් මතුකර සිටියේ මෙවැනි සිදුවීම් මේ මොහොතේ පටන්ම නතර විය යුතු බවටයි. ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා.

අද අපි තීන්දුවක් කරා වැලිගමට හෙට සංචාරක මණ්ඩලයේ නිලධාරින් දෙන්නෙක් දෙනවා. ඒ මුහුදු තීරයේ තියෙන ව්‍යාපාර ස්ථාන පරීක්ෂා කරලා විදේශිකයන්ට පමණක් කියලා තිබ්බ නම් ඒගොල්ලන්ගේ ට්‍රේඩ් ලයිසන් කැන්සල් කරන්න. ඔබතුමිය ක්‍රියාමාර්ග ගන්න. අලුත් කරන්න එපා. ඒ අතරතුර ඔබතුමා යම් ස්ථාන තියෙනවා නම් ටුවරිස්ට් බෝඩ් අනුමැතිය ඇවිල්ලා තියෙනවා නම් වහාම ටුවරිස්ට් බෝඩ් අනුමැතිය කැන්සල් කරන්න. ඔබතුමා තීන්දුවක් ගන්න. වැලිගම අපි හෙට තීන්දු කළා.  අනිද්දා හික්කඩුව. මිරිස්ස 3 සහ 4. පස්වෙනිදා හික්කඩුව. හය හබරාදූව. ඊට පස්සේ අපි ඊළඟ සතියේ අපි ආයේ රැස්වීමක් හම්බවෙනවා මේකේ ප්‍රගතිය බලමු. නැත්නම් මේක කතාවට පමණක් සීමා වෙනවා.

DSC 0863 DSC 0874 DSC 0900
DSC 0907 DSC 0870 DSC 0879

 

 

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන e LOCAL GOVERNMENT වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැගිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇත. මෙමඟින් මහජනතාවට තම කාලය ඉතුරු කරගෙන, දුරකතන, ජංගම දුරකතන හෝ CREDIT CARD භාවිත කර තම නිවසේ සිටම ගෙවීමට පහසුකම් සැලසෙන අතර එමඟින් නගර වැසියන්ගේ වටිනා කාලය, ශ්‍රමය ඉතිරිවන අතරම මේ ආශ්‍රිතව සිදුවෙමින් පැවති දූෂණ සහ අක්‍රමිකතා ද අවම කිරීමට අවකාශ ලැබේ.

ඒ අනුව 2018 වසරේ පෙබරවාරි 01 දා සිට තෝරාගත් පළාත් පාලන ආයතන 30ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ වසරේදීම තවත් පළාත් පාලන ආයතන 50ක දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. ඉතිරි පළාත් පාලන ආයතනවල ද කඩිනම් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන ව්‍යප්ත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ එක්ව කටයුතු කිරීමට අද දිනයේ තීරණය කළ බව ද තවදුරටත් දන්වමි.

මෙදින අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමා 2018 පෙබරවාරි 01දා සිට මෙම පළාත් පාලන ආයතන 30 මුදල් භාවිතයෙන් කිසිඳු ගෙවීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ප්‍රායෝගික දුෂ්කරතා ඇති අය සඳහා ආදාළ පළාත් පාලන ආයතනයේ ස්ථාපිත කරන ගෙවීම් කවුළුවක් හරහා ONLINE ක්‍රමවේදයට ගෙවිම් කිරීමට පහසුකම් සලසන ලෙස කරන ලද ඉල්ලීමට අදාළ පළාත් පාලන ආයතන 30හි ප්‍රධානීන් එකඟතාවය ප්‍රකාශ කළ බව ද තවදුරටත් දන්වමි.

එසේම කොළඹ මහ නගර සභාව ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කිරීම මෙම ONLINE තාක්ෂණය යොදාගෙන 2018 පෙබරවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීමට එකඟතාවය ප්‍රකාශ කළ අතර එමඟින් එම සේවා සපයා ගැනීමට බලාපොරොත්තුවන ජනතාවට එමඟින් ඉතා පහසුවෙන් සේවා සපයා ගැනීමට හැකිවන බව ද ප්‍රකාශ කරන ලදී.

පළාත් සභා සහ පළෘත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා මේබව පැවසුවේ ඊයේ විහාර මහා දේවී උද්‍යානය පිටුපස චිත්‍ර ප්‍රදර්ශනය කරන කලාකරුවන් වෙත ස්ථිර ප්‍රදර්ශන කුටි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැගුණු මෙම මානව හිතවාදී ක්‍රියාන්විතය ඇගයීමට ජනාධීපති මෛත්‍රිපාල මහතාද එක්වුණා.

වීදියේ කලාකරුවන් ලෙසින්ද නම් දරන විවෘත අවකාශයේ කලාකරුවන් වෙනුවෙන් ඉදිකරන ලද මෛ ස්ථිර චිත්‍ර ප්‍රදර්ශන කුටි ඔවුන් වෙත පිරිනැමුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ විසින්.

මෙම කලාකරුවන්ගේ සංගමය වන Colombo Street Art Society සාමාජිකයින් විසින් ඔවුන් විසින් අදින ලද ජනාධිපතිතුමාගේ සහ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ රුව සහිත සිහිවටන පිරිනැමීමද එහිදී සිදුකෙරුණා.

ඊට අමතරව සංචාරක අමාත්‍යංශය විසින් මෙම කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් පොතක් ද එළි දැක්වීම සිදුකෙරුණා.

මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මිලේනියම් වසර හෙවත් 2000 වසරේදී  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුන් සිය අධ්‍යාපන කටයුතුවල පහුසව වෙනුවෙන්, දෛනික වියදම සොයා ගැනීමේ අරමුණින් ආනන්ද කුමාරස්වාමි මාවතේ,( විහාර මහා දේවී උද්‍යානය පිටුපස වැටේ)  සිය කලා නිර්මාණ ප්‍රදර්ශනය කර අලෙවි කිරීම ආරම්භ කරන ලදී.  පසුව 2000 සිට 2005 අතර කාලයේදී  ඩිජිටල් චිත්‍ර ශිල්පය මෙරටට පැමිණිම නිසා එතෙක් ස්වායත්තව කලා නිර්මාණ කළ පිරිසද මෙම විහාර මහා දේවී උද්‍යානය පිටුපසට පැමිණ උද්‍යානයේ වැටේ සිය කලා නිර්මාණ ප්‍රදර්ශනයට එක්වෙනවා. ඒවන විට මෙම පිරිස 40 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.

සීමිත කලාකරුවන් පිරිසක්, සීමිත කලාගාරය ප්‍රමාණයක, සීමිත රසිකයින් පිරිසක් අතර හුවමාරු වුණ මෙම කලාව විහාර මහා දේවී උද්‍යානය පිටුපස ප්‍රදර්ශනය කිරිමත් සමඟ එය සමාජගත වෙනවා. උද්‍යානයේ වැටේ චිත්‍ර ප්‍රදර්ශනයට එක්වන පිරිස වැඩිවන නිසා එය විධිමත් ක්‍රමයකට පවත්වාගෙන යාමේ අරමුණින් 2006 වසරේදී Colombo Street Art Society නමින් සංගමයක් එහි නිර්මාණකරුවන් විසින් ආරම්භ කරනවා.

මේ අතර කාලය මෙසේ ගලායන අතර 2009 වසරේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා දිනක් එම ස්ථානයට පැමිණ විහාර මහා දේවී උද්‍යානයේ වැටේ එල්ලමින් සිය නිර්මාණ සමාජගත කරන මෙම පිරිස ස්ථිර කුටි නොමැතිව විඳින දුෂ්කරතාවය සියැසින් දැක ඒ වෙනුවෙන් කඩිනමින් පියවර ගැනීමේ අවශ්‍යතාවය දකිනවා.
එහෙත් ඒ සමඟම සිදුවන දේශපාලන වෙනස්වීම් හේතුවෙන් මෙම කර්තව්‍ය පසුබෑමකට ලක්වුවත් 2016 වසරේ ෆයිසර් මුස්තෆා මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ නැවතත් විහාර මහා දේවී උද්‍යානය පිටුපස සිය චිත්‍ර ප්‍රදර්ශනය කරන නිර්මාණකරුවන් හමුවීමට පැමිණෙනවා. එහිදී එම කලාකරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සහ ඔවුන් රටේ පිළිගත් කලාකරුවන් පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් නිල හැඳුනුම්පතක් ලබාදීමට කොළඹ මහ නගර සභාවේ ද මැදිහත්වීමෙන් අමාත්‍යතුමන් කටයුතු කරනවා.

කලාකරුවන්ගේ වීදියක් ලෙස සහ මෙම ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන මෙම කලාකරුවන් නිසි ගෞරවය ලබාදීම සහ විහාර මහා දේවී උද්‍යානය පිටුපස වීදය සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් බවට පත්කිරීමේ අරමුණින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මැතිතුමා සිය පොරොන්දුව යතාර්ථයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම කලාකරුවන් පිරිසට ස්ථිර ප්‍රදර්ශන කුටි නිර්මාණය කිරීමට වහ වහා කටයුතු සම්පාදනය කරන ලදී.

DSC 0615 DSC 0618
DSC 0622 DSC 0628
DSC 0655 DSC 06731