Foundation Stone for the Bridge near the Temple, Horangalla West in Niyagama Divisional Secretariat Division at the cost of 23.93 Mn implemented as a sub project under the Rural Bridge Project will be laid on 27.03.2019 under the patronage of Hon. Wajira Abeywardana, Minister of Internal & Home Affairs and Provincial Councils & Local Government.
 
BT4A9748   Present condition of the bridge near the temple, Horangalla West.
 
 
BT4A9743    BT4A9750    BT4A9761

 

 

මතින් නිදහස් රටක් වෙනුවෙන් "බක් මහ දිවුරුම"
 
අතිගරු ජනාධිපතිතුමන්ගේ තිරසර සංවර්ධන සංකල්පය යටතේ ක්‍රියාත්මක මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුමකරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා කැපවන බවට රටම එක්ව දිවුරුම් දුන් “බක්මහ දිවුරුම” 2019 අප්‍රේල් 03 දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී  සිදු කෙරිණි.
ඒ හා සමගාමීව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ,  පළාත් සභා හා පළාත් පාලන අංශයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය ද  අමාත්‍යාංශ පරිශ්‍රයේ දී බක්මහ දිවුරුමට එක්විය.
 
DSC 0337  DSC 0350  DSC 0351

 

 

ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහන
 
ත්‍රිපිටකාභිවන්දනා ජාතික වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2019/03/22 දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ දී පැවැත්වීමට යෙදුණි. 
එහිදී රාජ්‍ය නිළධාරීන් විසින් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රතිඥාව ලබා දුන් අතර පිරිස පංච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට කියැවෙන දේශනයකින් හා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී කහගල්ලේ ශාන්ත ස්වාමීන් වහන්සේ ගේ සුමධුර ධර්මදේශනයකින්ද යුතු වූ ආගමික වැඩසටහනක්ද පවත්වන ලදී.
මේ සඳහා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස මහතා, අතිරේක ලේකම් නයනා නාථවිතාරණ මහත්මිය ඇතුළු සියලුම නිළධාරී මහත්ම මහත්මීන් සහභාගී වන ලදි. 
 
 
DSC 0765   DSC 0686
 
 
DSC 0699   DSC 0702 
 
 
 
DSC 0750   DSC 0758
 

 

 

බලපිටිය බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම
 
පුරනැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 62.5 ක වියදමින් ඉදිකරන ලද බලපිටිය බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම 2019. 03. 02  දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
 
Balapitiya 22.03.2019 15
 
 
 

බෙන්තොට හබුරුගල ප්‍රාදේශීය සභා උප කාර්යාලයට මුල් ගල් තැබීම

පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන උප ව්‍යාපෘතියක් ලෙස රුපියල් මිලියන 45.3 ක වියදමින් ආයුර්වේද, පුස්තකාලය සහ සම්මන්ත්‍රණ ශාලාවකින් යුත් බෙන්තොට හබුරුගල ප්‍රාදේශීය සභා උප කාර්යාලයට මුල් ගල් තැබීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.03.02 දින සිදු කරන ලදී.

Haburugala 02.03.2019 43    Haburugala 02.03.2019 45

 

පරිගණක සහතිකපත් පාඨමාලාව - පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය