Secretaryඑචි.ටී. කමල් පත්මසිරි මහතා
ලේකම්,
පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය

පළාත් සභා හා පළාත් පාලන ආයතන සම්බන්ධව ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු මෙම අමාත්‍යාංශයට පැවරී ඇති අතර. ඊට අමතරව පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් හා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මෙම අමාත්‍යාංශය යටතේ ඇති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය විසින් සිදුකළ යුතු බවට බලය පවරා ඇත. ඊට අමතරව දේශීය ණය සංවර්ධන අරමුදල හරහා පළාත් පාලන ආයතන සඳහා අවශ්‍යවන සංවර්ධන ණය ආධාර ලබාදිමටද කටයුතු කරන අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා හා පළාත් පාලන ආයතන වෙනුවෙන් විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද මෙම අමාත්‍යාංශයට බලය පවරා ඇත.

ඒ අනුව පුඵල් විෂය පථයක් තුළ විශාල කාර්ය භාර්යයක් මෙම අමාත්‍යාංශය ඉටුකරන ලබන අතරල එහිදී ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව අවශ්‍ය දත්ත මෙම වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කර ඇත.

ඒ සම්බන්ධව යම් යෝජනා වෙතොත් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට කටයුතු කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.