Hon. Ministerගරු. ෆයිසර් මුස්තෆා මැතිතුමා
අමාත්‍ය - පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය

ලෝකයේ විශිෂ්ඨ පාලන ක්‍රමයකට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමි අපේ රට 1505 සිට සිදු වූ විදේශීය බලපෑම් හේතු කොට විවිධ වෙනස්කම් සිදුවීම ආරම්භ විය. එතැන් පටන් අද දක්වා ලාංකීය පාලන ව්‍යුහය විදේශීය සිද්ධාන්ත මත ගොඩ නැඟීම අතිශයින්ම කණගාටුවට කරුණක්. අතීතයේ පැවති දේශීය අනන්‍යතාවයක් සහිත පාලන ක්‍රමය තුළ, මෙරට ඉතාම ශක්තිමත් ආර්ථිකයක් සහිත සමාජ රටාවක් පැවතුනි. එම පාලන ක්‍රමයේ සුවිශේෂිතාවය වූයේ පළාත් සහ ප්‍රාදේශීය පරිපාලනය ඉතාම ශක්තිමත්ව පැවතීමයි. එදා පැවති ශක්තිමත් බව හේතු කොට මධ්‍යම පරිපාලනය ද ජාතික ආර්ථිකය හා ආරක්ෂාව ද ශක්තිමත්ව පැවතුනි.

ප්‍රාදේශීය වශයෙන් ශක්තිමත්ව පැවති පාලන තන්ත්‍රය තුළ යම් නොගැලපීම් ඇති වූ දා පටන් අද දක්වා මෙරට සියළුම ක්ෂේත්‍රයන් තුළ සිදු වූයේ ද බිඳ වැටීමකි. සෑම ක්ෂේත්‍රයක් තුළම පැවති අර්බුදකාරි තත්වයක් මත මේ දක්වා පැමිණි ගමනේ අවසානයට අද අප පැමිණ ඇත.

ඒ බව අවබෝධයකින් කටයුතු කරන පිරිස ජනතා පරමාධිපත්‍ය බලය තුළින් තහවුරු කර ඇත. එම තහවුරු කිරීම් තුළ පවතින ජනතා බලාපොරොත්තු මල් ඵල ගන්වන පළාත් හා ප්‍රාදේශීය පාලන තන්ත්‍රයක් බිහි කිරීම වෙනුවෙන් නායකත්වය ලබා දීමට මා ලද වගකීම, ශක්තිමත් රටක් ගොඩනැඟීම වෙනුවෙන් උපරිමයෙන් ඉටු කිරීමට කැප වෙන බව දන්වා සිටිමි.

පළාත් සභා නමයක හා දිස්ත්‍රික්ක 24 ක් තුළ පළාත් පාලන ආයතන 335 ක ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කර සෑම පුරවැසියෙකුටම පොදු අවශ්‍යතා ඉටු කිරීම් සහ එම අවශ්‍යතා උත්පාදන මූලාශ්‍ර ශක්තිමත් කිරීමේ පරම වගකීම සතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය භාරදූර වගකීම උපරිමයෙන් ඉටු කිරීමට අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඝෘජු හා වක්‍රාකාරයෙන් සහාය දෙන සෑම දෙනා එකසේ කැප වී කටයුතු කරන බව මෙහි සඳහන් කරනුයේ මහත් අභිමානයෙනි.