පළාත් පාලන ආයතන මඟින් එකතු කරනු ලබන දිරන කසළ ප්‍රතිචක්‍රීකරණය කර පරිසර හිතකාමී අයුරින් බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය විසින් දිවයිනේ පළාත් 09 ක් ආවරණය වන පරිදි ජපන් ස්වයංක්‍රීය ස්වායු තාක්ෂණය මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍ර 09ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මඟින් ලබා දී ඇත. මෙම යන්ත්‍ර ජපානයේ කවෂිමා ආයතනයෙන් ආනයනය කරන ලද අතර යන්ත්‍රයක පිරිවැය රු.මි.120 කි. එම යන්ත්‍රය ස්ථාපිත කිරීමේ ගොඩනැගිල්ල මීටර් 100 X 14 ක ප්‍රමාණය වන අතර ඒ සඳහා රු.මි.100 ක් පමණ වැය වේ.

ඒ යටතේ උතුරු මැද පළාතේ ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වන සුංගාවිල ස්ථාපිත කරන ලද කාබනික පොහොර මධ්‍යස්ථානය විවෘත කිරීම 2019 ජූනි මස 01 වන දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සුංගාවිල ස්ථාපිත කරන ලද මෙම කාබනික පොහොර මධ්‍යස්ථානය මඟින් දිනකට දිරන කසළ මෙ.ටොන් 50 ක් කළමනාකරණය කළ හැකි අතර ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සහ ආසන්න පළාත් පාලන ආයතන වන පොළොන්නරුව මහා නගර සභාව, පොළොන්නරුව ප්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, දිඹුලාගල ප්‍රාදේශීය සභාව හා වැලිකන්ද ප්‍රාදේශීය සභාව යන ආයතන වල දිරන කසළ සඳහා ද විසඳුමක් ලැබේ. එසේම මෙමගින් දිනකට කාබනික පොහොර ටොන් 25ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතී.

Lankapura 1    Lankapura 2JPG
     
Lankapura 3JPG   rsz lankapura 4

 

මෙහි තවත් පියවරක් වශයෙන් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වන දිගම්පතහ ස්ථාපිත කරන ලද කාබනික පොහොර මධ්‍යස්ථානය විවෘත කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම සිදු විය.

දඹුල්ල දිගම්පතහ ස්ථාපිත කරන ලද මෙම කාබනික පොහොර මධ්‍යස්ථානය මඟින් දිනකට දිරන කසළ මෙ.ටොන් 50 ක් කළමනාකරණය කළ හැකි අතර දඹුල්ල මහා නගර සභාවේ සහ ආසන්න පළාත් පාලන ආයතන වන දඹුල්ල ප්‍රාදේශීය සභාව, ගලේවෙල ප්‍රාදේශීය සභාව, නාඋල ප්‍රාදේශීය සභාව හා කැකිරාව ප්‍රාදේශීය සභාව යන ආයතන වල දිරන කසළ සඳහා ද විසඳුමක් ලැබේ. එසේම මෙමගින් දිනකට කාබනික පොහොර ටොන් 25ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතී.

dambulla 1   dambulla 2   dambulla 3
         
dambulla 4   dambulla 5   dambulla 6
         
dambulla 7        

 

 

 

 

 

පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ද පළාත් සභා හා පළාත් පාලන අංශයේ සියලුම නිලධාරීන්ගේ මියගිය ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් ද මෙම කාර්යාල පරිශ්‍රයේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය පවිත්‍රතා සේවිකාව වෙනුවෙන් ද බෞද්ධාගමානුකුලව පින් පැමිණවීම උදෙසා ද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලුම රෝගීන්ට ඉක්මන් සුවය පතා ආශිර්වාද කිරීම වෙනුවෙන් ද මෙම අමාත්‍යාංශ පරිශ්‍රයේ සේවයේ නියුතු සියලුම නිලධාරින්ට , රටේ ආරක්ෂාව භාරව කටයුතු කරන සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරින්ට සහ රටට සෙත් පැතීම වෙනුවෙන් දානමය පින්කමක් 2019.05.24 වන සිකුරාදා දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ දී පවත්වන්නට යෙදුණි.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජේ. සී. අලවතුවල මැතිතුමන්, රාජ්‍ය ලේකම්වරුන් ලෙස කටයුතු කරන එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මැතිතුමන්, එස්. ගොඩකන්ද මැතිණිය සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහභාගි විය. 

danaya 1   danaya 3JPG   danaya 7JPG
         
danaya 5JPG   danaya 6JPG   danaya 9JPG
         
danaya 14JPG   danaya 15JPG    

 

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් මාතලේ දිස්ත්‍රික් ග්‍රාමීය පවුල් 10502 ක් සඳහා පානීය ජලය ලබාදීම උදෙසා රුපියල් ලක්ෂ 21330 ක වියදමින් කිලෝමීටර් 525 ක දුර ජලනල ස්ථාපිත කිරීම මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී මාර්තු මස 20 වන දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාවට සම්බාවනීය අමුත්තන් හා ප්‍රදේශයේ මහජන නියෝජිතයින් රැසක් සහභාගී විය.
අදාළ උප ව්‍යාපෘතින් පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත.
   

   

          

ආවරණය වන ප්‍රදේශය                    

වියදමරු.ලක්ෂ        

ප්‍රතිලාභ පව්‍රල් ගණන           

ජලනල පද්ධතියේ දිග

01 ගලේවෙල ප්‍රදේශ සහ තිත්තවැලගොල්ල ප්‍රදේශය  6610 3376 කි.මී. 138
02 සීගිරිය ප්‍රදේශය සහ හබරණ ප්‍රදේශය 4150 1432 කි.මී. 114
03 ඉනාමළුව ප්‍රදේශය සහ කිතුල්හිටියාව ප්‍රදේශය 4920 2381 කි.මී. 119
04 දඹුල්ල ග්‍රාමීය ප්‍රදේශ සහ කණ්ඩලම ප්‍රදේශය 5650 33133 කි.මී. 154

 

 

 එකතුව

21330 10502 කි.මී. 525

 

  • දඹුල්ල බුලාගල හන්දිය අසල පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම

DSC 0422   DSC 0441   DSC 0449
 

  • දඹුල්ල කිඹිස්ස පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම

DSC 0219   DSC 0233   DSC 0292

 

  • දඹුල්ල දඩුයාය පන්සල අසල පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම

DSC 0028   DSC 0057   DSC 0074

 

 

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනෙවිරත්න මහතා 2019.05.10 දින ස්වදේශ කටයුතු අංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කමල් පද්මසිරි මහතා, රාජ්‍ය ලේකම් එන් ගොඩකන්ද මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුළු ස්වදේශ කටයුතු අංශයේ, අභ්‍යන්තර කටයුතු අංශයේ හා පළාත් සභා හා පළාත් පාලන අංශයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියහ.

 

gamini appoint 14

 

gamini appoint 11   gamini appoint 13
         
gamini appoint 10   gamini appoint 12   gamini appoint 09
         
gamini appoint 08   gamini appoint 02   gamini appoint 03
         
gamini appoint 04   gamini appoint 07   gamini appoint 06
         

 

 

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන උප ව්‍යාපෘතියක් ලෙස මිලියන 23.93 ක වියදමින් ඉදිකිරීමට නියමිත ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොරන්ගල්ල බටහිර පන්සල අසල පාලම සඳහා මුල් ගල් තැබීම 2019.03.27 දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

BT4A9748   හොරන්ගල්ල බටහිර පන්සල අසල පාලමේ වර්තමාන තත්ත්වය
 
 
BT4A9743    BT4A9750    BT4A9761